බලවත් වචනය

Church - යන අර්ථය?

Church යනු සෙනඟ දැනුවත් ආකාරයට නොවේ. එය ගොඞනැගිල්ලක්ද නොවේ. සමහරු සංකේතයක් සහිත ගොඞ නංවා ඇත. එම ස්ථානයට සලකුණක් වශයෙන් සෙනඟ රුස්වීමේ ස්ථානයක් ලෙස සදහන් කළහැක.

එය ආගමික පන්තියක් හෝ සංවිදානයක් නොවේ. Church යනු සභාපාලකයන්ද නොවේ. කිසියම් වරදක් වූ විට සභාපාලකයන්ට දොස් පැවරීමේ ස්ථානයක්ද නොවේ.

ඉංග්‍රීසි වචනය Church බයිබලයට ඇතුලත් වූයේ කෙසේද?
Church යනු පළමුව ඉංග්‍රීසි වචනය නොවේ එය ආරම්භය ග්‍රීක් භාෂාවෙන් පසු ලතින්, ජර්මානු භාෂාව හරහා අවසානාය්දී ඉංග්‍රීසි භාෂාවට පැමිණි ඇත.

ජර්මානු = KIRIKA
ග්‍රීක = KURIAKE
පැරණි ඉංග්‍රීසි = CIRICE
අද ඉංග්‍රීසි = Church

ඉංග්‍රීසි බයිලයේ භාවිතා කළේ Church නුමුත් නව ගිවිසුමේ පරිවර්තනය ග්‍රීක වචනය "එක්ලෙසියා" නුමුත් එක්ලෙසියා” යන වචනයේ අර්ථය අද Church ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

යෙෂුආ Church යන වචනය භාවිතා කළ අවස්ථා දෙක

යෙෂුආ Church යන වචනය ග්‍රීක වචනයයෙන් "එක්ලෙසියා"පරිවර්තනය කර ඇත. යෙෂුආ භාවිතා කළේ ශුභාරංචිය තුළ අවස්ථා දෙකක පමණි. දෙකම මතෙව් ශුභාරංචිය තුළය.

මතෙව් 16:18 - නුඹට කියමි නුඹ පේත‍්‍රැස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාවගොඞනගන්නෙමි. පාතාලයේ දොරටුව ඒක පරාජය නොකරන්නේය.

මතෙව් 18:17 - ඔහු ඔවුන් කි දේත් පිළිනොගත්තොත් සභාවට දන්වන්න,සභාව කි දේත් පිළි නොගත්තොත් ඔහු නුඔට අන්‍යජාතිකයෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.

නුමුත්, යෙෂුආ යාවෙගේ රාජ්‍ය” ගැන සුභාරංචිය පොත් හතරේම 130 වාර ගණනක්ද මතෙව් සුභාරංචිය පොතේ 50 වාර ගණනක්ම සඳහන් කර ඇත.

යෙෂූආගේ සිත කේන්ද්‍රය කළ ස්ථානය යාවේගේ රාජ්‍ය,

Church යන නම මුළු ලෝකයම ක්‍රිස්තියාණින් කේන්ද්‍රයක් කොට ගත්හ.

මුළු ලෝකයම Church යන නම දැනුවත්ව සිටියත් ඔහු හෝ ඇය ආගමික පන්තියක් හෝ ආත්මික සභාවක ඇතුලත් වූ අය හඳුනා ගනි. බොහෝ විට Church යන වචනය සියලූ දෙනාම දැන සිටියත් සෙනඟ කුමන භාෂාවකින් කථා කළත් එය හැමෝම හඳුනා ගනී.

අධ්‍යයාපනය නොලැබු අය පවා Church යන වචනය හොඳින් දන්නා අතර වෙනත් අන්දමකට ඔබ පවසයි ,මම රාජ්‍යයට, අයත් බව එසේ ප‍්‍රකාශකර පිටින් කැඳවිම ලැබු කීපදෙනෙක් ඒ වචනය අසන අයට ගැටළුකාරි තත්වයක් ඇති විය හැක.

Church යන වචනයේ අර්ථය කුමක්ද?

නව ගිවිසුමේ මුල් උත්පාදක ග්‍රීක වචනයෙන් පරිවර්තනය කර ඇති Church යන වචනයේ තේරුම“එක්ලේසියා” එහි අර්ථය “පිටින් කැඳවු සභාව”. එක්ලේසියා, යන වචනය ලතින් -ඉංග්‍රීසි අර්ථය වන අතර දෙකම එකම අදහස පෙන්වයි.පිටතට කැඳවු අය.

Church නම අපි හඳුනා ගන්නේ“ekklesia/ecclesia” ලෙස මින් ඉදිරියට Ecclesia යන වචනය භාවිතා කරමු.

Ecclessia කියන්නේ ගොඞනැගිල්ලක් නෙවේ. බොහෝ සෙනඟ ගොඞනැගිල්ලක් පෙන්වා මේ මගේ Church එක නමින් හදුන්වනවා. නුමුත් එහි අර්ථය එය නොවේ.

Ecclesisa කියන්නේ කවූරු හෝ පැමිණ ඇතුල් වී හසුන්ගෙන පිට වෙන ගොඞනැගිල්ලක් නොවේ.

නැත, එක අරමුණක් ඇතුව පිටින් කැඳවු අයට එය ශරීරයක් වේ.

“Elohim" කැඳෙව්වේ ගොඞනැගිල්ලකට නොවේ.සෙනඟව අන්ධකාරයේ සිට එතුමාගේ ආශ්චර්යමත් ආලෝකයට,

අපි කියවන විට, 1 පේතෘස් 2:9 – “නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඔලා කැඳවාගත් යාවේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිනිස නුඔලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද යාවේ සන්තක සෙනඟක්ද වන්නහුය.”

ඔබ මෙය දැන සිටියාද ? ඔබ ආලෝකයේ නැති නම් අන්ධකාරයේද ? බොහෝ ජනතාව අතරේ සිටින අතර සැබැව නොදැන ගොඞනැගිල්ලක ඇවිත් ඉඳගෙන පිිටවීම ඔවුන් සුරක්ෂිත ස්ථායක් යැයි සිතති. මේ අය ක්‍රීස්තියාණි යන වචනයේ අර්ථය සැබෑව නොදැන, තමන් ගැළවීම ලැබු බව සිතති.

අනික් ප‍්‍රශ්නය කැඳවූයේ කොතැනින්ද?

අපි මීට පෙරම ඉගෙන ගත් පරිදි Church යනු “Ecclesia " ,එනම් පිටින් කැඳවු අය එබැවින් ඔබ දැන ගත හැක, ඔබ පිටින් කැඳවු බව,

ඔවුන් තෝරාගත් සෙනඟ, ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට කැඳවීම ලැබුවන් අන්ධකාරය යනු සාතාන්ගේ රාජ්‍යයේ සිට ,එලෝහිම්ගේ, රාජ්‍යයට කැඳවිම ලැබුවන් ආලෝකයෙහි සිටිති. එනම් ,එලෝහිම්, ආලෝකයය,එතුමාගේ පුත‍්‍රයා ආලෝකයය,එතුමාගේ සෙනඟත් ලෝකයට ආලෝකයය.

යෙෂුආ පියාණන්ට ගෝලයන් වෙනුවෙන් යාඤා කිරීමේදි ලෝකයෙන් ඔවුන් අහක් කරන පිනිස නොව නපුරාගෙන් ලෝක අධිපති ඔවුන් ආරක්ෂා කරන පිනිස යාඤා කරමි.

යොහන් 17:6 යෙෂුආ ,පියාණන්ට, යාඤා කළේ ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යන්ට ඔබගේ නම ප‍්‍රකාශ කළේමි.ඔවුහු ඔබ සන්තක වූවෝය. ඔබ ඔවුන් මට දුන්සේක.ඔවුහු ඔබගේ වචනය රක්ෂා කළ සේක.

පවුල්ට යෙෂුආගෙන් සේවයක් ලැබුණේ දමස්ක මාවතේදි, යෙෂුආ හමුවු පසුය. ක්‍රියා 26:18 යෙෂුආ පවුල් මගින් සාක්ෂිකරු ලෙස, අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් ,එලෝහිම්, වෙතටහැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි.මා කෙරෙහි ඇදහිමෙන් ඔවුන් පව් කමාවද පිරිසිදු කරනු ලැබු අයවලූන් අතරෙහි උරුමයක් ලබන පිනිසත්ය.

අවසානයේදි අපි යෙෂුආගේ ශරිරය තෝරාගෙන අන්ධකාරයෙන් එතුමාගේ ආලෝකයටද, සාතන්ගේ බලයෙන් ,එලෝහිම්, වෙතට කැඳවිම ලැබුවන් වෙමු.

මම මගේ Church එක ගොඞ නගන්නෙමි,එහි යෙෂුආ අදහස් කළේ කුමක්ද (මතෙව් 16:18)

අපි දැන සිටින පරිදි යෙෂුආ Church යන වචනය භාවිතා කළේ අවසථා දෙකක පමණි.මතෙව් 16:18 මතෙව් 18:17 මේ වඑන පරිදි

මතෙව් 16:18 පෙත‍්‍රැස් යෙෂුආ මෙසායා ලෙස ප‍්‍රකාශ කළේ එළදරව්වක් මගින්ය. පේත‍්‍රැස් යුදෙව් සාමාන්‍ය මසුන් අල්ලන ධීවරයෙක් පමණි. පේත‍්‍රැස්ට මේ එළදරව්ව ලැබුණේ ,පියාණන්, වන එලොහිම්ගෙන්ය.” මාංසයත් රුධිරයත් නොවේ. පියාණනගෙන් සෘජුව එළිදරව්ව ලබන අය එතුමානන්ගේය. කිසිදු පෝප්,කාඞිනල් හෝ ධනවත් පුද්ගලයෙකු එලෝහිම්ගේ රාජ්‍ය‍ය එළිදරව්ව ලබාදිය නොහැක, මේ වචනය අත්තිවාරම මත රෝමයෙන් පැමිනෙන සියල්ලම නීතිමය ලෙස පැවරීමට හේතුව ඇතුව පේත‍්‍රැස් පළමු පෝප් බවට පත් කළ බව, පැමිණි බොරු කතාවක් පැතිර ඇත.

පේත‍්‍රැස් යෙෂුආ මෙසායා ලෙස පිළිගත් පසු යෙෂුආ පේත‍්‍රැස්ගේ දෑස් බැලූවේය. එතුමා ප‍්‍රකාශ කළේ මෙම එළිදරව්ව පර්වතය බවයි.එතුමා කැඳවු අය මේ පර්වතයමත සභාව ගොඞ නගයි. පාතාලයේ දොරටුව ඒක පරාජය නොකරන්නේය පාතාලයේ දුතයන් නිදහස් වුවත් ඔවුන් තෝරාගත් සෙනඟ ජය ගත නොහැකිය.

පේත‍්‍ර‍්‍රැස් යුදෙව්වෙක් වන අතර මසුන් අල්ලන ධීවරයෙක් ඔහුගේ මුල් නම සයිමන්.යෙෂුආ ඔහුට දුන් නියම නම කේපස්ය. "පර්වතය” යන්නයි.

නිගමනය Church ගොඞනැගිල්ලක් නොවේ. අන්ධකාරයෙන් එතුමාගේ රාජ්‍යයට කැඳවු සෙනඟය. ඔවුන් යෙෂුආ පිළිබඳ එළිදරව්ව “පියාණන්ගෙන්’’ ලබාගත් අයය. ඔවුන් ගොඞනගන්නේ යෙෂුආ,යෙෂුආ ප‍්‍රධාන “එඬෙරා” වන අතර මේ පවුල එලෝහිම්ගේ දරුවන් එකට රැස්වි රාජ්‍යයේ වැඞ කරන අතර ඔවුන් කැඳවු කැඳවිමේ අරමුණ ඉටු කරයි.