යාවේගේ මංගල්‍ය 7ක්
මෙය යාවේගේ පරිශුද්ධ සමුළුවකි.එය එතුමාගේ ජනතාවගේ ඵෙතිහාසිකව සිඳුවු ගැලවීමේ ක්‍රියාවන් සිහිපත් කරන ලදි. පරණ ගිවිසුමේ එලෝහිම් සිදුකල විශාල එළිදරව් කල සියල්ලම එතුමාගේ ගැලවීමේ සැලැස්මේ සම්පූර්ණ දෙස බලා එක් සෙවනැල්ලක් හෝ උදාහරණයක් දෙන ලදි. සැම මංගල්‍යක්ම එලෝහිම්ගේ ගැලවීමේ කථාවේ අද්විතීය කොටස පෙර දැනුම දෙන ලදි. සෑම මංගල්‍යක්ම අද්විතීය පණිවිඩයක්ම තිබුණත් රාමුවේ එක්ව සම්පූර්ණ වේ. තනිව සිටිමේදි එය අසම්පූර්ණයක්ම තිබේ.
හෙබ්‍රෙව්වල මංගල්‍යයන් (Ha Moyadim) යන වචනය නියම කරාවු වෙලාවන් යන අර්ථය මෙය බොහෝ විට පරිශුද්ධ කණ්ඩායම් (පෙරහූරු හෝ පුහුණුවීම්) යන නමින් හැදින්වේ. මෙය ඒලෝහිම් විතරක් මනුෂ්‍යයා පරිශුද්ධ අරමුණු උදෙසා පරම්පරාවටද වෙලාව යනුවෙන් හැදින්වේ. යාවේගේ මෙම මංගල්‍යය 7 නියම කරාවු කාලයක් බැවින් එය බොහෝ සෙයින් පරිශුද්ධ කමක් දැඩිකම ලබා ඇත. අපගේ රජවු යෙෂුආ පාස්කු (Passover) ඇතුලත් සෑම එකක්ම අත්නොහැර එතුමා ලෝකයේ සිට අන්තිම රාත්‍රිය පවා.
ලෙවි කථාව 23:4 මෙය යාවේගේ නියම කරාවු මංගල්‍යන් ඔබ එය නියමකරාවු කාලයන්වල දැනුම දිය යුතු පරිශුද්ධ කණ්ඩායම්
යාවේගේ මංගල්‍යයන්වල මුළු එකතුව හතක් බයිබලයේ ඇත. හත යනු බයිබලයේ සම්පූර්ණ බව සඳහන් වේ. උත්පත්ති 2:2-3 එලෝහිම් අහසත් පොළවත් මැව්වායින් පසු හත්වන දවසේ විවේක ගත් බව හැදින්වන්නේය.එය මලානික බවක් නොව සම්පූර්ණ බව හා තෘප්තිමත් බව පෙන්වන්නට තවද උත්පත්ති පොතේ ගිණුමේ ප්‍රකාරව එක දවසක් හිරු බැස යෑමෙන් ආරම්බ වන අතර, හිරු බැස යෑමෙන් ඊලඟ දවස අවසන්වේ.
1. පාස්කු (Passover) ලෙවී කථාව 23:4-8
මෙම මංගල්‍ය මිසරයේ සිදුවු අන්තිම වසංගතය සිහිකරන ලදි. එවිට මරණයේ දූතයා බැටළුපැටවාගේ ලේ ඉශ්‍රායෙල් දරුවන්ගේ දොරටුව තවරා තිබේ. එය දැක පසු කර ගියා ඉශ්‍රායෙල් හිසොප් මිටිය ගෙන, දොරටුව මත භාජනයෙන් තිබු ලේවලින් ගිල්වා උළුවස්ස මත තවරන ලද්දේය.ඉශ්‍රායෙල් ඉසෝප් ඉත්තක් ගෙන දොරටුව මත තබා තිබු භාජනයේ ගිල්වා දොරටුව මත තැවරුවා.

පාස්කු යනු ගැලවීමේ මංගල්‍යයයි. පරණ ගිවිසුමේ හා අලුත් ගිවිසුමේ බැටළු පැටවානන්ගේ ලේ වහල්කමින් නිදහස් කරයි. ඉශ්‍රෙයෙල් මිසරයේ සිට , අප පාපය සිට,
එම නිසා තමයි යොහන් බෞතිස්ත යෙෂුආ දෙස බලා මෙන්න! ලෝකයේ පාපය දූරු කරන දෙවියන්ගේ බැටළු පැටවානන්
(යොහන් 1:29) බව පැවසුවා එතුමා පරණ ගිවිසුමේ සටහන් වු දේ හොඳින් දැන සිටියා.
පාස්කු පළමුවන මාසේ 14 වන දින සවස (එම දවස අවසන්වන වෙලාවේ) පිලිපදින්න අවශ්‍යයි.
අලුත් ගිවිසුමේ, යෙෂුආ ගව මඩුවේ උපත ලැබ එඩේරුන් විසින් හමුවු පීඩාවින්දාවු අප උදෙසා එවනු ලැබුවාවු එම බැටළු පැටවානන්. අවසාන රාත්‍රි භෝජනය සැබැවින් පාස්කු භෝජනය විය.ශුභාරංචිවලින් ගෝලයන් යෙෂුආගේ අණ පරිදි පාස්කු සූදානම් කර බව සදහන් වේ. එතුමාගේ මරණය අපට ලැබිය යුතු විනිශ්චය අප අභිබවා යාමට ඉඩ සලසයි.
අපි මෙසාසා පිළිගන්නා විට දෙවන අවස්ථාවත් යන ආදරණිය තෑග්ග අපි ලබා ගත්තෙමු. එතුමාගේ කුරුසියේ මරණයෙන් අපට අලුත් ආරම්භයක් ලබා ඇත. පාපයේ සිට පරිශුද්ධ තැනක්.
2. මුහුන් නොදැමු රොටි (Unleavened Bread) ලෙවීකථාව 23:6
මෙම දවස් 7 මංගල්‍ය පාස්කු පටන්ගෙන පසුවනදාආරම්භවේ. එව්ට මිසරයේ ඉක්මනින් හැර පිටතට ආ බැවින්, රෝටියේ මුහුන් එකතු කිරීමට වේලාවක් නොතිබුණි. එබැවින් යාවේ ඔවුන් මිසරයේ වින්දාවු දුක සහ පීඩා සිහිකිරිම පිනිස දවස් 7ක් මුහුන් නොදැමු රොටි ලෙස අණකළා
(ද්වීතිය 16:3)

මුහුන් බයිබලයේ විටින් විට පාපය සහ පිළිකුල් බව සඳහන් කරයි. එක් වතාවක් මුහුන් ඇතුලත් කළ පසු එය වෙන් කල නොහැක. ඒ වගේම පාපය අපේ ජීවිත තුලට ගැඹුරුව ඇතුලත් වන්නේය.
පාපයට තාවකාලිකව සමාව ලබා ගැනිම සදහ යුදෙව්වන් නිරන්තරව කැලැල් නැති සතුන් පූජා කරමින් සිටියහ. එහෙත් මෙසායා දඬුවමක් නැති පාපයක් නැති පරිපූර්ණ පූජාවක් ලෙස එතුමා ස්ථිර විසඳුමක් ලබා දිය හැක.
මුහුන් නොදැමු රොටි යෙෂුආගේ පාප රහිත ජීවිතය ඉදිරිපත් කරයි.එතූමා අපගේ පාප සදහා එකම පරිපූර්ණ පූජාවයි.
යොහන් 6:35, යෙෂුආ නිර්භීතව පවසන්නේ 'මමම ජීවනදායක කෑම' බව පවසයි. එතුමා අපගේ පාපය ඉවත් කරීම පමණක් නොව අපගේ ආත්මය පෝෂණය කරයි.
3. පළමු ඵල (Firstfruits) ලෙවීකථාව 23:10
පළමු ඵල මංගල්‍ය යනු යුදෙව්වරුන්ගේ අස්වැන්න තුනෙන් එකකී. මෙය එලෝහිම් සැපයු සියල්ලම ස්තුති කිරිමටද ගෞරව කරන්නටද සමරන ලදී. ඉශ්‍රායෙල්වරු මේ ගැන ගැඹුරු අර්ථයක් නොදැන සිටියහ.ඒත් ඉන්පසු ඉතා වැදගත් දිනයක් බවට පත්විය.
.jpg)
පාස්කු නිසාන් මාසේ 14 වන දින පාස්කු බැටළුවන් පූජා කරන ලදි. පාස්කු පළමු දවස 15 වන දිනය වේ. ප්‍රථම ඵල උත්සවය 3 වන දා එනම් නිසාන් 16 වන දින සමරන ලදි.මේ තුන්වන දා උත්සවය යෙෂුආ මළවුන්ගෙන් නැවත නැගිට්ට ඒ දවස වේ.
1කොරින්ති15:20 යෙෂුආ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලය ලෙස සඳහන් කරන ලදි. එතුමා සදාකාල ජීවතයට නැවත නැගිටින්නන්ගෙන් මහත් අස්වැන්නෙන් පළමු ඵලය ලෙස සිටින සේක. මෙය එතුමාගේ ලේ මගින් අලුත් ගිවිසුමේ කාරණයක්ව සිදුවන්නේය. (ලුක් 22:20).
4. සති මංගල්‍යය හෝ පෙන්තකොස්ත මංගල්‍යය ( Feast of Weeks / pentecost ) ලෙවී 23:16
අස්වැන්න මංගල්‍ය තුනෙන් දෙවැන්නය. මෙය ප්‍රථම මංගල්‍යයට පසුව පැමිනෙන මංගල්‍යය වේ. සති හතක් පසු වු පසු සිඳුවන්නේය. එහෙයින් මෙය පෙන්තකොස්ත යැයි කියනු ලැබේ. එනම් “50” වන දවස යනු සඳහන් කෙරේ.

පාරම්පරිකව සෙනඟ ඔවුන් ප්‍රථම ඵල අස්වැන්න යාගයද දෙවනුව මුහුන් දැමු රොටිද යාවේට ගෙන ආයුතුය.
මුහුන් දැමු රොටි
යුදාවරුන් පමණක් නැතිව අන්‍යජාතින් සමග එකතු වීම එලෝහිම්ගේ ගැලවීමේ සැලැස්ම සඳහන් වේ.
මතෙව් 9:37 එවිට යෙෂුආ තමන් ගෝලයන්ට කථා කොට ගොයම් නම් බොහෝය නුමුත් ගොවියෝ නම් ස්වල්ප දෙනෙක්ය.
ලුක් 24:49 තවද
ක්‍රියා 1:4 පියාණන්ගේ පොරොන්දුව ලබා ගන්න පිනිස ගෝලයන්ට යෙරුසලමේ බලා සිටින ලෙස පවසයි.
ඒ පොරෝන්දුව පෙන්තකොස්ත දවසේ ඉෂ්ට විය. එදින අසවැන්න පටන් ගත්තේය.සෙනග 3000 ගැලවීම ලැබුවෝය. ඒ පණිවිඩය යුදාවරුන්ටත්, අන්‍යජාතින්ටත් (මුහුන් රොටි දෙකක්) පතළවී ගියේය. ඒහෙයින් අසවැන්න අපගෙන් පැතිරීය.
අද බයිබලයේ පරිවර්තනය මෙම අස්වැන්න දිගටම කරගෙන යන අතර සෙනඟ තමන්ගේ හදවත ස්පර්ශ කරන භාෂාවලින් ශුභාරංචිය පණිවිඩය කියවීමට ,කතා කිරීමට සහ තේරුම් ගැනිමට හැකි වේ.
එහෙත් හෙබ්‍රෙව් බයිබලයේ පරිවර්තනය ග්‍රීක භාෂාවට පරිවර්තනය කිරීමේදී සමහර පොදු ගැටළු කිහිපයක් ඇති විය. නිදසුනක් වශයෙන් ශුභාරංචිවල “යුදාවරුන්ගේ මංගල්‍ය” ලෙස කියවන්නෙමු ඒ මංගල්‍ය යුදෙව්වන් සඳහා පමණක් බව පෙන්වයි.
ඒත් එය සැබෑව නොවේ. ලියන්නා ලියන ලද යුදෙව් ලේඛකයෙකු ලියන විට “යුදෙව්වරුන්ගේ” පමණක් යනු එකතු කිරිම අවශ්‍යය නැත. ඔවුන් සියළු දෙනාම මේ මංගල්‍ය “යාවෙගේ” මංගල්‍යන් බව ඔවුන් දැන සිටියේය. මක්නිසාද ටෝරා ඔවුන්ට එසේ පැවසු බැවිනි.
එපමනක් නොව ඒ කාලයේ යුදෙව් වැනි වචනයක් නොතිබුණි. හෙබ්‍රෙව් ග්‍රීක් හොදින් දැන සිටියත් යුදෙව්වන් නොවු අතර ඔවුන්ගේ අභිප්‍රාය පැහැදිලි කිරිම සදහ වචන, ඡේද ඇතුලත් කළහ. මෙය නුතන පරිවර්තනවලට වැරදි ඇතුළු වී ඇති අකාරය පිළිබද උදාහරණයකි.
පළමු මංගල්‍ය හතර. පාස්කුව, මුහුන් නොදැමු රොටි, ප්‍රථම ඵල, සති මංගල්‍ය / පෙන්තකොස්ත.
5. හොරණෑ මංගල්‍ය (Feasts of Trumpets) ලෙවී කතාව 23:24
එලෝහිම් තම සෙනඟ එකට රැස්වී හොරණෑ පිඹිමේ මංගල්‍ය සමරන ලෙස කියන ලදි.

හොරණෑ ශබ්දය අවසාන හොරණෑව ලෙස සදහන් කෙරේ එය යෙෂුආගේ දෙවැනුව පැමිණිම සදහන් වේ.
(කොරින්ති15:52). එතුමා නැවත පැමිණි පසු සරන මංගල්‍ය සැමරිමක් ඇත.
එළිදරව්ව 19:9 එතුමා අපිව ඒ ප්‍රීතියට සුදානම් කරනවා.
6. සමාව දීමේ දිනය (Day of Atonement) ලෙවීකථාව 16:26-32
සමාව දීම යනු කළ වැරදි සඳහා වන්දී ගෙවිමය. මෙය එලෝහිම් වෙත හැරි යටහත්ව සිත්හැරී දිනය වේ. එදින අප සෑම දෙනාම හදවත, හෘදසාක්ෂි, ජිවිතය සියල්ලම එතුමා ඉදිරියේ නිවැරදි කර ගැනීම.

ඒ දවස් උත්තම පූජකයා ශුද්ධවු , අතිශුද්ධවු ස්ථානය ඇතුල් වී සතුන් පූජාකිරිමේ සැමරුමට සිඳු කලා, එහෙත් වර්ෂයක් පාසා තාවකාලික පාපය සඳහා තාවකාලික වන්ඳි ගෙවිමක් පමණ විය.
එහෙත් එලෝහිම්ගේ පොරෝන්දුව එළිපිට තිබුණේය. එක් තැනැත්තෙක් අපේ පාප වලට ස්ථිරවම ප්‍රතිවිපාක දෙනසේක
(හෙබ්‍රෙව් 9:12) ඒ තැතැත්තා යෙෂුආ එතුමා මහත් පූජාව වන උත්තම පූජකයා සහ පාපයට නිරන්තර ප්‍රතිවිපාකය.
බැටළුවා
පාප පූජා කල මේ යෙෂුආ කොහේද? ස්තුති පූජාව සඳහ ගවයා සහ බැටළුවා පාප පූජා කරන පිනිස තිබුණි. එහෙත් පාපය උසුලාගත් බැටළුවා ඔවුන්ගේ පාපය පිළිගත්තේය.
(ලෙවීකථාව 16:10) අනුන්ගේ වරද සඳහා (scapegoat) බැටළුවා පාප පූජාවක් ලෙස ඉශ්‍රෙයෙල්හි සියළු පාපය උසුලා වනාන්තරයට යවනු ලැබිය.
ඒ ලෙසම යුදෙව් නායකයන් යෙෂුආ හෙළා දුටු අතර එතුමා සියළු මනුෂ්‍යකුලයන්ගේ පව් උසුලා නගරයෙන් පිටතට ගෙන ගොස් කුර්සියේ ඇණ ගසන ලද්දේය.
(1යොහන් 2: 2) එතුමා අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය. අපේ උදෙසා පමණක් නොව මුළු ලෝකයා උදෙසාය.
7. කූඩාරම් මංගල්‍ය හෝ සුක්කොත් (Feast of Tabernacles / Sukkot) ලෙවීකථාව 23:24
සමාව දීමේ දවසට පසුය. කවදාත් සැමරිමේ උත්සවය සුකෝත් මංගල්‍ය උත්සවය කවදාත් සමාව දීමේ දිනයට පසුවය. කූඩාරම් මංගල්‍ය ඉශ්‍රෙයෙල් සෙනග වනාන්තරයේ සැරී සැරූ වසර 40 තුළ එලෝහිම් ඔවුන්ට සියළු සැපයුම් සහ ආරක්ෂාව සමරයි. දින හත තුල සෙනඟ වනාන්තරයේ තාවකාලිකව කූඩාරම් වල වාසය කළහ. ඔවුන් වනාන්තරයේ ජීවත් වූ බව සිහි කිරිමය.
යාවේ ඉශ්‍රෙයෙල්වරුන් සමග කූඩාරමේ සිටි සේක. එබැවින් කූඩාරම් මංගල්‍ය අප සමග පවත් වන ලදි. එනම් එතුමා අප සමග වාසය කරන සේක.

යෙෂුආ “එම්මානුඑල්” ලෙස හැඳින්වේ එනම් “එලෝහිම්” අප සමගය
මතෙව්1:23. එතුමා තාවකාලික කූඩාරමක් ලෙස මනුෂ්‍ය ශරීරයක්ව ලෝකයට පැමිණි එතුමා තමන්ව පූජාවක් ලෙස පූජා කරා.
මෙම දේවත්වයේ ප්‍රේමය හා පූජාව කිහිප දෙනෙකුට පමණක් නොව සියලු මනුෂ්‍ය වර්ගයා සදහාම විය.
මෙම මංගල්‍ය “එලෝහිම්” නැවත පැමිණ තම ජනතාව සමග රජකම් කරන බවට පොරොන්දුවද පෙන්වා දෙයි.එය අපගේ මුළු ජීවිත කාලයම තබා ඇති බලාපොරොත්තුවේ අවසානය.
වසන්ත කාලයේ මංගල්‍යයන් හතර
(පාස්කු ,මුහුන් නොදැමු රොටි , ප්‍රථම ඵල,පෙන්තකොස්ථ) යෙෂුආගේ පළමු පැමිණිම සිදු වී අවසානය, එවගේම සරත් කාලයේ මංගල්‍යයන් තුන
(හොරණෑ, සමාව දීමේ දිනය සහ කූඩාරම) යෙෂුආගේ දෙවැනි පැමිණිමේදීත් සැලැස්ම වු කාලයේ සිඳුවේ.
මෙම මංගල්‍ය හතම ගොනුකර එලෝහිම්ගේ ගැලවීම සැලැසම වන්නේය. අන්තිම කූඩාරම් මංගල්‍ය අවසාන දිනයේ මුළු ලෝකයම එතුමාගේ රාජ්‍යය වන්නේය.
*යාවේ යනු මැවුම්කරු වන මහෝත්තමයානන්ගේ නම.
*යෙෂුආ යනු මහොත්තමයානන්ගේ පුත්‍රයාගේ නම.
*එලෝහිම් යනු හෙබ්‍රෙව් වචනයෙන් දෙවියන්.