දෙවියන් වන යාවේගේ චරිතයන්
යාවේ වන එකම දෙවියන්, තමන් මැවු මනුෂ්‍යා තමන් දැන හඳුනා ගැනීම මහත් ප්‍රිය භාවයක් දක්වන සේක. අනාගතවක්තෘ යෙරෙමියා විසින් මෙය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත.
යෙරෙමියා 9:23-24
යාවේ මෙසේ කියනසේක. ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා. බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා. වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා. නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන යාවේ මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වු කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි යාවේ කියනසේක.
එක් චරිතයක් යනු එක් පුද්ගලයෙකු හඳුනා ගන්නා ලක්ෂණයකී. දෙවියන්, වන යාවේ , තමන්ගේ චරිතය තුළින් මනුෂ්‍යන් තමාව දැන හඳුනා ගැනීමට සැලැස්වු සේක.
දෙවියන්ගේ චරිතයන් හඳුනා ගැනීමට අප කාලය වැය කිරීම එතරම් වැදගත් වන්නේ ඇයි?
අති උතුම් මහෝත්තමයාණන්ගේ ආශ්චර්ය චරිතයන් ගැඹුරින් අප හඳුනා ගැනීමේදී එය අපගේ එදිනෙදා ජීවිතයේදී නොසැලෙන විශ්වාසයද, ධෛර්යද සහ ප්‍රීතිය අපට ලබා දෙයි.පරික්ෂා දිනවල එය අපට ශක්තිය ලබා දෙයි.
මෙම නපූරු කාලය තුළ දෙවියන් පිළිබඳ දැනුම අහිමු වු සෙනඟ පිළිබඳ උදාහරණ කිහිපයක් අපට බයිබලයෙන් දැකිය හැකිය.
හබක්කුක් 1 : 12-13
12. මාගේ දෙවිවූ යාවේ, මාගේ ශුද්ධ තැනත්තා, ඔබ පුරාණයේ සිට නොසිටිනසේක්ද? අපි නොනසින්නෙමුව. අහෝ යාවේ, ඔබ ඔහු විනිශ්චය පිණිස නියමකර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔහු දඬුවම පිණිස පිහිටුවා තිබේ.
13. නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබතුමා ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,
2 ලේකම් 20: 1-9
1 මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.
2 එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙත් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය.
3 එවිට යෙහෝෂාපාට් භයවී, දෙවියන් සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය.
4 දෙවියන්ගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු දෙවියන් සොයන්ට ආවෝය.
5 එවිට යෙහෝෂාපාට් දෙවියන්ගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යූදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ:
6 අපේ පියවරුන්ගේ දෙවිවූ යාවේ, ඔබ ස්වර්ගයෙහි දෙවියන් නොවනසේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකරන්නෙත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ, ඔබට විරුද්ධව සිටින්ට පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන්,
7 ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද?
8 ඔව්හු මෙහි වාසයකොට, ඔබගේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනගා කථාකොට
9 අප පිටට යම් විපත්තියක් එනම් කඩුව හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුණොත්, ඔබගේ නාමය මේ ගෘහයෙහි තබා තිබෙන නිසා, අපි මේ ගෘහය හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේදී ඔබට යාච්ඤාකරන්නෙමුව, එවිට ඔබ ශ්‍රවණය කොට ගළවනසේකැයි කීවෝය.
අප අති උසස් දෙවියන්ගේ ස්වභාවයන් දැන ගැනීම එතුමාගේ යහපත සඳහා නොවේ. එය අපගේ යහපත සඳහාය. අප නමස්කාර කරන දෙවියන් කෙබඳු කෙනෙක්ද? බව දැන ගැනීම අපගේ ඇදහිල්ල වැඩි කිරීමට උපකාරී වේ.
මෙම දෙවියන්ගේ ස්වභාවය වර්ග දෙකකි.
01. එතුමා මැවු මැවිලි සමඟ බෙදාගත් ස්වභාවයන්
02. එතුමාට පමණක් අයත් අද්විතීය ස්වභාවයන්.
දෙවියන්ගේ ස්වභාවය
01. යාවේ ස්වකීව ජීවත්වනසේක. - God is Self-existent
අති උතුම් දෙවියන්ට පටන් ගැන්මක් හෝ අවසානයක් නැත .
නික්මයාම 3: 14හි දෙවියන් මෝසෙස්ට කතා කරමින් 'මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි.'
යෙසායා 43: 13හි එතුමා පැවසුවේ, දවස ඇතිවු තැන්පටන් මම සිටිමි. කියා එතුමා ගැන පවසා ඇත.
තමාන් මැවු කිසිඳු මැවිල්ලන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නැත. එතුමා කිසිවක් මත රඳා නොපවතී.
සියලු මැවිලි එතුමාට මහිමය හා ප්‍රිතිය ගෙන එයි.
එතුමාට කිසිවක් අවශ්‍යය නැත.එතුමා මනුෂ්‍යාව මැව්වේ අනේ මනුෂ්‍ය නොමැතිව ජීවත් වීමට නොහැක යැයි කීමට නොව මනුෂ්‍යා මැව්වේ . එතුමාව එළිදරව්ව කර තමා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමටය.
ක්‍රියා 17: 24-25
24. ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන් ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;
25. උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ එතුමා සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.
ගීතාවලිය 90 : 2
කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්ය.
යොහන් 17 : 5
දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.
යොහන් 17 : 24
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.
යෙසායා 43 : 7
එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
02. දෙවියන් නොදන්නා කිසිවක් නැත. - God is Omniscient
එතුමාගේ දැනුමට සීමාවක් නැත. ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ලම එතුමා දනී.
එතුමා කිසිවිටකත් ඉගෙන ගන්නේ නැත.ඉගෙන ගැනීමට අවශ්‍ය නැත.
කිසිවක් එතුමාට ආශ්චර්යත් නැත.
දෙවියන් සදාකාලිකව සිටින බැවින් අවසානය එතුමා ආරම්භයේ සිට දනී. සිදුවී ඇති, සිදුවෙමින් පවතින සහ තවත් සිදු නොවන අනාගතයේ සිදුවන සියලු කාර්යයන් එතුමා දනී.
අපගේ ක්‍රියාවන් සිතුවිලි සිහින තවද අපගේ මුඛයෙන් එක් වචනයක් පිටවීමට පෙරම එතුමා දනී. දාවිත් ඔහුගේ ගීතයේ මෙසේ පවසා ඇත.
ගීතාවලිය 139: 1-4
1 දෙවිදුනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.
2 ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.
3 ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.
4 මක්නිසාද, දෙවිදුනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.
එතුමාගේ දැනුම නිරික්ෂණය තුලින් හෝ තර්ක කිරීම මගින් ලබා නොගනී.
එතුමා සදාකාලික දෙවියන් ආරම්භයේ සිටම අවසානය දනී.
යෙසායා 65 : 24
ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි
හෙබ්‍රෙව් 4 : 13
එතුමා ඉදිරියෙහි ප්‍රකාශ නොවූ කිසි මැවිල්ලක් නැත. එතුමාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ එතුමාය.
(මතෙව් 11: 21, රෝම 11: 33)
අපගේ සෑම වැටීමක්ම , සෑම පාපයක්ම , සෑම පසුබටවීමද එතුමා දනී.
අති උත්තමයාණෝ සියල්ලම දනී. අපි නොදැනුවත්ම සිටිමු එම නිසා අපගේ ජීවිතයේ අප ගත යුතු සියලු තීරණ සහ අවසාන තීරණය සඳහා එතුමාගේ කැමැත්ත සහ මග පෙන්වීම අසා දැනගෙන ක්‍රියාකිරීම ඉතා වැදගත් වේ.
රෝම 5: 8
නුමුත් දෙවියන් අප කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්ගේ මරණය විඳීමෙන්ය.
1 යොහන් 3: 16
අප ප්‍රේමය දැනගන සිටින්නේ ඒ තැනත්තාණන් තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය.
1 යොහන් 4: 9,10
9 අප කෙරෙහි තිබෙන දෙවියන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස එතුමා ලෝකයට එවූ කාරණයෙන්ය.
10 ප්‍රේමය මේය, එනම් අප දෙවියන්ට ප්‍රේමකළා නොව එතුමා අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.
අති උසස් දෙවියන් පිළිබඳ දැනුම මනුෂ්‍යාගේ ප්‍රඥාවේ මෝඩකම, සහ යටහත්කම හෙළි කරයි.
යෙරෙමියා 16: 17
මක්නිසාද මාගේ ඇස් ඔවුන්ගේ සියලු මාර්ගයන් කෙරෙහි යොමා තිබේ. ඒවා මාගේ මුහුණෙන් සැඟවී නැත, ඔවුන්ගේ අයුතුකමද මාගේ ඇස් ඉදිරියෙන් වැසී නැත.
හිතෝපදේශ 3: 5,6
5 නුඹෙම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් දෙවියන් කෙරෙහි විශ්වාසකරන්න.
6 නුඹේ සියලු මාර්ගවලදී දෙවියන්ට කීකරුවන්න , එවිට එතුමා නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
1 කොරින්ති 1: 20-24
20 ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන් විසින් මෝඩකළා නොවේද?
21 මක්නිසාද දෙවියන්ගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්ව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන් සතුටුවූසේක.
22 කෙසේදයත්, යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති.
23 අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස් දේශනාකරමුව. එතුමා යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය;
4 නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්ගේ බලය සහ දෙවියන්ගේ ප්‍රඥාවත්ය.
3. එතුමා නොමැති ස්ථානයක් නැත. - God is Omnipresent
දෙවියන් එක වෙලාවක එක තැනක පමණක් නොසිටියි.එතුමාගේ පූර්ණත්වයෙන් සෑම වෙලාවකම සෑම තැනකම සිටී.
එතුමාගේ සියලු මැවිලිවල එතුමා පිරී සිටී. එතුමාගේ අභිමුඛත්වය නොමැති ස්ථානයක් නොමැත.
එතුමාගේ අභිමුඛත්වයන් විවිධ මට්ටම්වලින් පවති.
එතුමා ඉදිරියෙන් කිසිකෙනෙක් ගැලවිය නොහැකි කාලයක් හෝ වතාවරණයක් නොමැත.
උදාහරණයක් ලෙස :
ආදම් සහ ඒව පාපයට පසු දිව ගොස් සැඟවුණා. නමුත් එය දෙවියන්ට සැඟවු කාර්යයක්ද?
යෝනා එතුමාගේ අභිමුඛත්වය හැර පලා යාමට උත්සහ කළ නුමුත් ඔහු ජය ගත්තේ නැත.
දාවිත් තමාගේ ගීතයේ මෙය ගැන පැහැදිලිව සඳහන් කරයි.
ගීතා 139: 7 – 10
7 ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද?
ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද?
8 ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය.
ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය.
9 මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්;
10 එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය
යෙරෙමියා 23 : 23 -24
23 මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි දෙවියන් කියනසේක.
24 මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි දෙවියන් කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි දෙවියන් කියනසේක
ආමොස් 9 : 1 – 4
1 දෙවියන් පූජාසනය ළඟ සිටිනවා දුටිමි. එතුමා කථාකොට: උළුවහු සෙලවෙන හැටියට පේකඩවලට ගසා, ඒවා ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩාදමන්න; ඔවුන්ගෙන් ඉතිරිවෙන්නන් කඩුවෙන් මරන්නෙමි. ඔවුන්ගෙන් කිසිවෙක් පලා නොයන්නේය, ඔවුන්ගෙන් කිසිවෙක් නොගැළවෙන්නේය.
2 ඔවුන් පාතාලය දක්වා හාරාගන ගියත් එතැනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත; ඔවුන් අහසට නැඟුණත් එතැනින් මම ඔවුන් පහතට හෙළන්නෙමි.
3 ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.
4 ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.
හෙබ්‍රෙව් 13: 5
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.
ගීතාවලිය 15 : 3
ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි
ගීතාවලිය 119 : 168
මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි;
මක්නිසාද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය.
දෙවියන් සිරගෙදරදී යෝසෙප් සමඟ සිටියේය. එතුමා සිංහ ගුහාවේ දානියෙල් සමඟ සිටියේය.නෙහෙමියා අධිරාජ්‍යයාගේ මාලිගාවේ සිටියෙදී එස්තර් රජු ඉදිරියෙහි සිටි විට සහ පවුල් නැව මුහුදුබත් වු විට දෙවියන් ඔවුන් එක් එක් අය සමඟ සිටියේය.
මෙය අපට හදවතේ විශ්වාසයද සහ දෙවියන් කෙරෙහි බිය ගෙන එයි.
4. එතුමා සර්වබලධාරී. - God is Omnipotent
මෙය එතුමාගේ සර්වබලධාරිත්වය පෙන්නුම් කරයි. එතුමාට කළ නොහැකි කිසිවක් නැත.
යෙරෙමියා 32: 17
අහෝ යාවේ දෙවියනි, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
නුමුත් එතුමාට එකඟ නොවන එතුමාගේ කැමැත්තට කාර්යයන් නොකරන සේක.
උදාහරණයක් ලෙස : දෙවියන් බොරු නොකියන සේක. අයුක්ති සහගත ලෙස ක්‍රියා නොකරන සේක. එතුමා තමාගේ වචනය හෝ මුඛයෙන් දුන් පොරොන්දුව පසුබටවීම හෝ වෙනස් නොවන සේක.
ගනන් කථාව23: 19
බොරු කියන්ට දෙවියන් මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක.
එතුමා කී දේ නොකරනසේක්ද?
එතුමා කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?
ගීතාවලය 89: 35
මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි;
දාවිත්ට බොරු නොකියන්නෙමි;
යෙසායා 59: 1, 2
1 බලව, ගළවන්ට බැරි ලෙස දෙවියන්ගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස එතුමාගේ කන බිහිරිවෙලාවත් නැත.
2 නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් අතරේ වෙන්වීමක් කෙළේය, එතුමා නොඅසන ලෙස නුඹලාගේ පාපද එතුමාගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය
'සර්වබලධාරී' ලෙස බයිබලයේ 56 වතාවක් සඳහන් කර ඇත. මුළු ලෝකයම මැව් දෙවියන්ට එක සමනලයෙකු මැවීමට අමාරු , අපහසු කාර්යයක් නොවේ. එතුමා කිසිවිටෙකත් ක්ලාන්ත නොවන සේක.
යෙසායා 40: 28
පොළොවේ සීමාවල මැවුම්කාරවූ දෙවියන් වන සදාකාල දෙවියන් ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? එතුමාගේ ඥානය දැනගන්ට බැරිය.
එතුමාගේ සර්වබලධාරිත්වය එතුමාගේ මැවීම්, ආරක්ෂාව ,මිදිම සහ නැවත නැගිටිම තුළින් එළදරව් වේ.
එවායින් සමහරක් :
මතෙව් 19: 26 යෙෂුආ ඔවුන් දෙස බලා මනුෂ්‍යාට මෙය කළ නොහැකිය, දෙවියන්ට සියල්ල කළ හැකිය.
ගීතාවලිය 115: 3
එහෙත් අපේ දෙවියන් ස්වර්ගයෙහිය.
එතුමා කැමති කොයි දෙයක් නුමුත් කළසේක.
ගීතාවලිය 33: 6
යාවේගේ වචනයෙන් ආකාශයද එතුමාගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.
(ගීතාවලිය 77: 15, එළිදරව් 19: 6, 2 කොරින්ති 13: 4, හෙබ්‍රෙව් 1: 3, 2 රාජාවලිය 17: 36, යොහන් 10: 27 – 29, එපීස 3: 20)
05. දෙවියන් වෙනස් නොවන්නාවු - God is Immutable
වෙනස් නොවන යනු - එතුමාගේ ස්වභාවය සහ චරිතය තුළ නොසැලි සිටින බව හැඳින්වේ.
මලාකී 3: 6
මක්නිසාද යාවේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.
දෙවියන් අතීතයේදී එක් පුද්ගලයෙකු බවටත් , වර්තමානයේදී එක් පුද්ගලයෙකු බවටත් , අනාගතයේදී තවත් පුද්ගලයෙකු බවටත් වෙනස් නොවේ. එතුමා නොවෙනස්ව සිටින නිසා , එතුමාගේ වචනයන් නොවෙනස්ව පවතී.
ගීතාවලිය 33: 11
යාවේගේ මන්ත්‍රණය සදාකාලයටද එතුමාගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය
ගීතාවලිය 102: 25 – 27
25 ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක;
ආකාශය ඔබගේ අත් වැඩය වේ.
26 ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක.
එසේය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය;
උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරනසේක, ඒවාද මාරුවන්නේය.
27 නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය
යෙසායා 46: 9 – 11
9 පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්ය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්ය, මා සමාන කෙනෙක් නැත.
10 මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනත්තාණන්ය.
11 මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනත්තාණන්ය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.
යාකොබ් 1: 17
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන් කෙරෙන් ඉහළින් බැස එන්නේය
දෙවියන් නොවෙනස් බව දැන ගැනීමෙන් ,දෙවියන්ගේ වචනයේ සැබෑ තත්වය තහවුරු වන අතර අපගේ ඇදහිල්ල වර්ධනය වේ.
06. දෙවියන් ප්‍රේමයෙන් සිටි. - God is Love
දෙවියන් ප්‍රේමණීය වු කෙනෙක් නොවේ, එතුමා ප්‍රේමයෙන් සිටි. එබැවින් ප්‍රේමය සියල්ලම දෙවියන් යැයි කිව නොහැක.
1 යොහන් 4: 8
ප්‍රේම නොකරන්නා දෙවියන්ව නාඳුනයි; මක්නිසාද දෙවියන් ප්‍රේමයය.
උදාහරණය : ලුණු ,ලුණු රසය පැණි පැණි රසය මෙය අපට වෙනස් කළ නොහැක. එ වගේම ප්‍රේමය දෙවියන්ගේ ස්වභාවික ස්වභාවයයී මෙම ප්‍රේමය කොන්දෙසි රහිත අපෙක්ෂාවන් නොමැතිව පරාර්ථකාමී පරිත්‍යාගශිලි ප්‍රේමයකී.
යොහන් 17: 24
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.
යොහන් 3: 35
පියාණන් පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල එතුමා අතට භාරදී .
1 යොහන් 4: 9, 10
9 අප කෙරෙහි තිබෙන දෙවියන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස එතුමා ලෝකයට එවූ කාරණයෙන්ය.
10 ප්‍රේමය මේය, එනම් අප දෙවියන්ට ප්‍රේමකළා නොව එතුමා අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා
රෝම 5: 5
බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන දෙවියන්ගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.
අප පව්කාරයන්ව සිටියදීම එතුමාගේ ස්වකීය පුත්‍රයා ලෙස නොබලා එතුමාව අප වෙනුවෙන් කැපකිරීම මගින් දෙවියන් අප කෙරෙහි එතුමාගේ ප්‍රේමය එළිදරව්කරන සේක.
අප එතුමාට ප්‍රේම කළ නිසා නොව එතුමා අපට ප්‍රේම කළ නිසා එසේ කළ සේක.
අප කීකරු වීම අපගේ ප්‍රේමයය. කීකරු කම තුළින් ඔප්පු කළ යුතුය. අපි දෙවියන්ගේ ප්‍රේමය ලබන්නන් වශයෙන් කළ යුතු සුදුසු දෙය නම් එකිනෙකාට ප්‍රේම කිරීමයී.
යොහන් 14: 31
එහෙත් මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්ට ප්‍රේමකරන බවත් පියාණන්මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතැනින් යමුයයි කීසේක.
1 යොහන් 5: 3
මක්නිසාද දෙවියන්ට ප්‍රේමවීම නම් අප විසින් එතුමාගේ ආඥා පැවැත්වීමය. එතුමාගේ ආඥා බර නැත.
මතෙව් 22: 37 – 39
37 එතුමා ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ යාවේට ප්‍රේමකරව.
38 මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.
39 මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.
1 යොහන් 4: 11
ප්‍රේමවන්තයෙනි, දෙවියන් අපට මෙසේ ප්‍රේමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය.
07. දෙවියන් ශුද්ධය - God is Holy
දෙවියන්ගේ ස්වභාවය ශුද්ධය.
ශුද්ධ යනු වෙන්කළ ඇත යන තේරුම, ශුද්ධ යනු හෙබ්‍රෙව් වචනය කොඩෙෂ් (kodesh) නමින් හැදින්වේ.
දෙවියන් ; ශුද්ධකමින් වර්ධනය වීමට අවශ්‍ය නැත. එතුමා ශුද්ධවම සිටින්නේය.
එතුමා ශුද්ධකමින් සම්පූර්ණව සිටින සේක.
අනාගතවක්තෘ යෙසායාගේ පොතේ සෙරාෆිම්වරුන් දිවා රෑ නොකඩවා දෙවියන් ඉදිරියේ සිටගෙන පැවසු දේ අපට පෙනේ.
යෙසායා 6: 1 – 3
1 උස්සියා රජු නැසුණු අවුරුද්දේදී යාවේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. එතුමාගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.
2 එතුමා අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.
3 ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල දෙවියන් ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව එතුමාගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
එතුමා ශුද්ධකම ඉදිරියේ කිසිවෙකුට නැගී සිටිය නොහැක. එබැවින් සෙරාප්වරු ඔවුන්ගේ මුහුණු සහ පාද වසා ගත්තේය. අනාගතවක්තෘ යෙසායා මම මැරුණා යැයි මොර ගැසුවේය.
අති උතුම් දෙවියන් හැර ශුද්ධකමෙන් උතුම් වු කිසිවෙක් නැත.
නික්මයාම 15: 11
දෙවියන්, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද?
ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
යෙසායා 57: 15
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නම ඇති තැනත්තාණන් මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
ගීතාවලිය 5: 4 - 7
4 මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රියවූ දෙවිකෙනෙක් නොවනසේක. නපුර ඔබ වෙත නොරඳන්නේය.
5 අහංකාරීහු ඔබගේ ඇස් හමුවෙහි නොසිටින්නෝය.
අපරාධ ක්‍රියාකරන සියල්ලන්ට ඔබ ද්වේෂකරනසේක.
6 ඔබ බොරු කියන්නන් විනාශකරනසේක.
මිනීමරුවූ ප්‍රයෝගකාරවූ මනුෂ්‍යයාට “යෙහෝවා” පිළිකුල් කරනසේක.
7 මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි.
ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
දෙවියන් ශුද්ධ බැවින් , තමාගේ සෙනඟ එතුමා හා සමානව සිටිම කැමති වන සේක. ශුද්ධකම නොමැතිව කිසිවෙකුට දෙවියන් දැකිය නොහැකි බවත් එතුමා පවසා ඇත.
ලෙවි පොත 19: 2
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ යාවේ වන මම ශුද්ධය
1 පේදුරු 1: 14, 15
14 මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි.
15 එසේය, මාගේ ඇවෑමෙන් පසු නුඹලාට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක්‍රියාකරන්නෙමි.
හෙබ්‍රෙව් 12: 14
සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් දෙවියන් නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.
2 කොරින්ති 7: 1
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන් කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.
එබැවින් දෙවියන් එතුමාගේ සියලු වචනයන් සිතුවිලි සහ ක්‍රියාවන් තුළින් ශුද්ධව සිටින සේක. එසේම අපත් ශුද්ධව වෙන්කළ ජීවිතයක් ජීවත් විය යුතුය.
8. දෙවියන් සැබෑවු තැනැත්තා. - God is Truthful
දෙවියන් සැබෑවු තැනැත්තා නම් එතුමා තුල බොරු වංකකම නොමැත.
එතුමා අපට සැබෑව, සැබෑව ලෙස පවසන ලදී.
එතුමා ප්‍රකාශකළ එළිදරව්කළ සියල්ල සැබෑවය.
සැබෑවු එකම දෙවියන් එතුමාය. වෙන කිසිවෙකු නැත.
යොහන් 17: 3
සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන් වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.
දෙවියන් සැබෑවේ මුලාශ්‍රය සහ ප්‍රමිතිය වනසේක. දෙවියන් හැර වෙනත් උසස් ප්‍රභවයක් හෝ ප්‍රමිතියක් නොමැත.
යෙරෙමියා 10: 10
නුමුත් යාවේ සැබෑවූ දෙවියන්; එතුමා ජීවමාන දෙවියන්, සදාකාල රජකෙනෙක්ය. එතුමාගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට එතුමාගේ උදහස දරන්ට බැරිය.
ගීතාවලිය 119: 160
ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය;
ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.
යොහන් 17: 17
සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව.
රෝම 3: 3, 4
3 ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්ගේ විශ්වාසකම හිස්වේද?
4 එසේ නොවේවා.
ඔබගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය
හෙබ්‍රව් 6: 18
මෙසේ කළේ දෙවියන් විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.
වෙනස් නොවන ලක්ෂණ දෙකක් කියන ලදී. :
01. මහෝත්තම දෙවියන්
02. එතුමාගේ වචනය
දෙවියන් සැබෑවු විශ්වාසවන්ත බැවින් , එතුමාට අනුගමනය කරන අප සෑම කෙනෙකුම සැබෑව කථා කර,
යොහන් 18: 37නුව සැබෑවට සාක්ෂි දෙන පිනිස සිටිය යුතුය.
09. දෙවියන් විශ්වාසවන්තයි - God is Faithful
දෙවියන් විශ්වාසවන්ත නම් දෙවියන්ට වඩා විශ්වාසදායක එක් කෙනෙකුවත් නැත.එතුමා පැවසු සියලු වචන විශ්වාසකළ හැකිය. එතුමා පවසන හැම දෙයක්ම එතුමා කරන සේක. එතුමා දුන් පොරෝන්දු සෑම දෙයක්ම ඉෂ්ට කරන සේක යන අර්ථයයි.
එතුමා එතුමාටත් , එතුමාගේ වචනවලටත් සහ එතුමාගේ ජනතාවටත් විශ්වාසවන්තව සිටින බව ඔප්පුවයි.
දෙවියන් තම දුන් පොරොන්දුවලට විශ්වාසවන්තව සිටිනවා පමණක් නොව එතුමා සහ එතුමාගේ මැවිල්ල ගැන පවසන සෑම දෙයක්ම සැබෑව සහ විශ්වාසවන්තය.
2 තිමෝති 2: 13
අප අවිශ්වාසවුණත් එතුමා විශ්වාසව සිටිනසේක. මක්නිසාද එතුමාගේ වචනය බොරුකරන්ට එතුමාට බැරිය
අපි යම් දෙයක් කියා, එය නොකරන්නේය. නමුත් දෙවියන් එසේ නොවේ. මේ වාක්‍යයෙන් පවසන්නේ එයයි.
ඔබ දෙවියන්ට භාරයක්වී එය ඉටුනොකරන්නේ නම් සැබෑව ඔබ සමග නැත.
(ද්විතීය කථාව 23: 21, දෙශනාකාරයා 5: 4)
හෙබ්‍රෙව් 11: 11
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනත්තා විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
1 කොරින්ති 1: 9
ස්වකීය පුත්‍රවූ අපගේ ඇඩොනයි යේසුස් ක්‍රිස්තුස් තුමාගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන් විශ්වාසව සිටිනසේක .
ගීතාවලිය 36: 5
ඇඩෝනයි , ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය;
ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය.
විලාප ගී 3: 22, 23
22 අප විනාශ නූණේ යාවේගේ කරුණාවල් නිසාත් එතුමාගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
23 ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ;
ඔබගේ විශ්වාසකම මහත්ය.
1 පේත්‍රැස් 4: 19
එබැවින් දෙවියන්ගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා
දෙවියන් ඉශ්‍රායෙල්වරුන් සමග කටයුතු කිරිමේදී දෙවියන්ගේ විශ්වාසවන්තභාවය ඉතා පැහැදිලිව දැක ගත හැකිය. සමහර ස්ථානවල ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන් දුන් පොරෝන්දු අනාගතයෙදී ඉටු වන බව බලාපොරොත්තුවෙන් බලා සිටි.
ස්ථීරවම අවසානයක් ඇති අතර ඔවුන්ගේ විශ්වාසය නිෂ්ඵල නොවනු ඇත.
දෙවියන් විශ්වාසවන්තව සිටින බැවින් නිසැකවම එය ඉටු කරනු ඇත.
ද්විතීය කථාව 7: 9
එබැවින් නුඹේ දෙවිවූ යාවේ දෙවියන් බවද එතුමාට ප්‍රේමකරමින් එතුමාගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන් බවද,
යෝෂුවා 21: 45
යාවේ ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.
ගීතාවලිය 89: 33 - 36
33 එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙන් සහමුලින්ම අහක්කර නොගන්නෙමි, මාගේ විශ්වාසකමත් පිරිහෙන්ට නොදෙන්නෙමි.
34 මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.
35 මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි;
දාවිත්ට බොරු නොකියන්නෙමි;
36 ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.
දෙවියන් විශ්වසවන්තභාවය යනු එතුමාගේ චරිතය.
ඉශ්‍රායෙල් සෙනඟට සැබෑව වු තැනැත්තා හා වශ්වාසවන්තව සිටියාක් මෙන් ඒ වගේම එතුමා අපට දුන් පොරොන්දු ඉටු කරන බව ස්ථීර බලාපොරොත්තුවක් අපට දී ඇත. දෙවියන් විශ්වාසවන්ත බවද අපට ඔප්පු කරයි.
10. දෙවියන් දයානුකම්පිතය. - God is Merciful
අපි පව්කාරයන්ව සිටියත් දෙවියන් පව්කාරයන්ට දිය යුතු දඬුවම වහාම ලබා නොදි අතර තාවකාලිකව එය කල් දමා එතුමාගේ දයාව අපට පෙන්වන සේක. නමුත් දෙවියන්ගේ දයාව , සහ සමාව අවසන් වන දිනයක් පැමිණෙනු ඇත.
දෙවියන්ගේ දයාව කොටස් තුනකට බෙදිය හැකිය.
01. දෙවියන්ගේ දයාව ඇදහිලිවන්තයන්ට සහ නොඇදහිලිවන්තයන්ට මනුෂ්‍යන්ට පමණක් නොව මවන ලද සියලු ජීවින්ටත් පොදුය.
ගීතාවලිය 145: 9
යාවේ සියල්ලන්ට යහපත්ය;
එතුමාගේ දයාබරකම් එතුමාගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
02. මිනිසාගේ වැරදි සහ පාප නොසලකා දෙවියන් දෙන විශේෂිත සීමාවක් නොමැති දයාව.
මතෙව් 5: 45
මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද එතුමා නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.
03. ආධිපත්‍ය සම්පූර්ණ කරුණාව
තීතස් 3: 5
අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්ගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්ගේ අලුත්කිරීමෙන්ද එතුමා අප ගැළවූසේක.
එතුමා වාතාවරණය බලා අනුකම්පා කරනු ඇත.
උදාහරණ : දින තුනක් අහාර නොමැතිව රැඳි සිටි අය කෙරෙහි එතුමා අනුකම්පා කළ අතර , රොටි පහක් සහ මාළු දෙකක් වැඩි කළ සේක.
පාපයෙන් තම ජීවිතය විනාශ කරගත් අය සිත්හැරෙන විට ඔවුන් පිළිගැනීමට මහත් දයාවන්තව එතුමා සිටින සේක.
උදාහරණය:
ලුක් 15: 11 – 24හි සිත්හැරි එන පුත්‍රයාව , පියා අනුකම්පාසහගතව ඔහුව පිළිගන්නා ආකාරය අපට කියවිය හැකිය.
(යෙසායා 55: 7)
දෙවියන් තමා කැමතිවුවන්ට දයාව පෙන්වීමට නිදහස්ව සිටින සේක.
නික්මයාම 34: 6
යාවේ ඔහු ඉදිරිපිටින් පැමිණ: යාවේය,යාවේ, එතුමා අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.
රෝම 9: 15, 16
15 මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි එතුමා මෝසෙස්ට කීසේක.
16. ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්ගෙන් වේ.
දෙවියන් සමග සමීප සම්බන්ධතාවයක් තබා එතුමාගේ දයාව දැන සිටි දාවිත් මෙසේ පැවසීය.
2 සාමුඑල් 24: 14
දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් යාවේගේ අතට භාරවන්නෙමු; මක්නිසාද එතුමාගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයින්ගේ අතට අසුනොවෙම්වායි ගාද්ට කීවේය.
පාපයෙන් මැරි සිටි අප සෑම කෙනෙකුටම දෙවියන් පෙන්වා ඇති මහත් දයාව මෙහිදී අපට දැනගැනීමට හැකිය.
එපීස 2: 1 – 5
1 නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල එතුමා නුඹලා ජීවත්කළසේක.
2. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
3. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.
4. නුමුත් දෙවියන් දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්ගේ මහත් ප්‍රේමයෙන්,
5. අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, මෙසියස් සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-එතුමා සමඟ අප නැගුටුවා,
(මතෙව් 9: 27, 2 කොරින්ති 1: 3 – 4, 1 පේත්‍රැස් 1: 3 – 4)
අපි පව්කාරයන්ව සිටියදී දෙවියන් එතුමාගේ කරුණාව දෙන සේක් , නම් අපි සිත්හැරි දෙවියන්ගේ දරුවන් බවට පත් වුවහොත් එතුමාගේ දයාව කෙලින්ම ලබා ගත හැකි බව අප සහතිකව දැන ගත යුතුය.
11. දෙවියන් කරුණාවන්තයි. - God is Gracious
කරුණාව යනු පව්කාරයන්ට ලැබිය යුතු දඬුවම සහ කෝපය ලබා නොදි ඔවුන්ට නිදහස සහ සදාකාල ජීවිතය ලබා දීමයි.
දෙවියන්ගේ යහපත්කමට සම්පූර්ණයෙන්ම නුසුදුසු සහ එය ලබා ගත නොහැකි අයට කරුණාව පෙන්වීමට යාවේට කැමතිය.
දෙවියන් පව්කාරයන් නිදහස් කළ හැකි එකම මාර්ගය කරුණාවයි. සැබෑ නිදහස දෙවියන්ගේ කරුණාව තුළින් පැමිණෙන බැවින් , මනුෂ්‍යයන්ගේ ක්‍රියා වලට කිසිම ඉඩක් නොමැත.
සියලුම ඇදහිලිවන්තයන් දෙවියන්ගේ කරුණාවෙන් (Grace) නිදහස් කර ඇත.
දෙවියන්ගේ කරුණාව අවබෝධ කර ගැනීමෙන් සහ භාවිතා කිරීමෙන් අප වර්ධනය විය යුතුය.
දුෂ්කර, සමීප අවස්ථාවන්හිදී දෙවියන්ගේ දරුවන් වැටෙන විට උදව් කරන්නේ මෙම කරුණාවයි.
සියලු නිදහස ඉටු කරනු ලබන්නේ සර්වබලධාරි දෙවියන්ගේ කරුණාවෙනි.
රෝම 3: 24
එබැවින් ඔව්හු එතුමාගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
රෝම 11: 6
ඉඳින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්‍රහය තවත් අනුග්‍රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?
එපීස 2: 8 - 9
8 මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්
නොව දෙවියන්ගේ දීමනාවය.
9 කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.
එපීස 1: 7
ඒ ප්‍රේමවන්තයාණන් තුළ, එතුමාගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, එතුමාගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.
තීතස් 3: 6 - 7
6 එසේය, එතුමාගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවිතයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස,
7 එතුමා අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන ශුද්ධාත්මය අධිකලෙස අප පිට වැගිරෙවූසේක.
(2 පෙත්‍රැස් 3: 18, 2 කොරින්ති 12: 9)
එබැවින් නිදහස යනු කරුණාව මත පදනම් වී ඇති බැවින් , අපට පාරට්ටුකිරීම නැතිනම් කිසිවක් හිමිකර ගැනීමට කිසි ඉඩක් නැත. තවද දෙවියන් අප තුල කරන කුමන කාර්යයක් හෝ අපට හිමිකමක් ඉල්ලා සිටිය නොහැක. දෙවියන් කර ඇති කරුණාවට අපගේම ස්වක්‍රියා එකතු කිරීමට උත්සහ කිරීම වැරදි කාර්යයක් වේ.
12. දෙවියන් ධර්මිෂ්ඨය. - God is Righteous and Just
දෙවියන් සෑම විටම නිවැරදිව, සැබෑව සහ සාධාරණ ආකාරයකින් ක්‍රියා කරයි.
එතුමා අපක්ෂපාති සහ මධ්‍යස්ථව සිටින සේක.
දෙවියන් යුක්තිසහගත හා ධර්මිෂඨ බැවින් සෙනඟ පිරිසිඳු මනින දණ්ඩෙන් ක්‍රියා කිරිම එතුමාට අවශ්‍යව ඇත.
අපගේ පාපවලට අනුව එතුමා තමාගේ යුක්තිය වෙනස් කිරීමට එකඟ නොවන්නේය.
දෙවියන් ආදාම්ට කාර්යයන් දෙකක් දුන් සේක.
01. ඒදන් උයන පූර්ණ කොට එය යටත් කරනලෙස.
02. ඒදන් උයන ආරක්ෂා කිරීම.
ආදාම් මෙය නොකළ නිසා සර්පයා ඇතුලට පැමිණ ඒව ව රැවටුවේය. ආදාම්ද දැනුවත්ව පව් කළේය.
දෙදෙනාම ඒදන් උයනෙන් පිටතට එළවා දමන ලදි.
ඔබත් දෙවියන් ගැන සියල්ල දනී, යැයි පවසා ඔබ කළ යුතු දේ නොකළහොත්, ඔබටත් යක්ෂයා විසින් පහර ලබයි.
ඉන්පසු දෙවියන් වැරදි යයි කියන්ට බැරිය ඇයි?
එතුමා ධර්මිෂ්ඨය.
එතුමාගේ මැවිලි වන අප දෙවියන්ගේ යුක්තිය ගැන දැනුවෙන් ප්‍රශ්න කිරීමට කිසිම අයිතියක් නැත.
එසේ කිරීම දෙවියන් තමන්ගේ මාර්ගවල නිවැරදිද? නැතහොත් එතුමා යුක්තිසහගතද? බව අපි එතුමාගෙන් ප්‍රශ්න අසන බව ඇත.
ගීතාවලිය 11: 7
මක්නිසාද යාවේ ධර්මිෂ්ඨසේක;
එතුමා ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක.
අවංක අය එතුමාගේ මුහුණ දකින්නෝය.
ගීතාවලිය 89: 14
ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය.
කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.
ද්වතීය කථාව 32:4
එතුමා පර්වතයය, එතුමාගේ ක්‍රියාව සම්පූර්ණය;
මක්නිසාද එතුමාගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.
එතුමා විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, එතුමා වනාහි ධර්මිෂ්ඨය, අවංකය.
උත්පත්තිය 18: 25
එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරතුමා යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
රෝම 3: 21
නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්ගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය.
රෝම 3: 25, 26
25 ඇදහීම කරණකොටගෙන එතුමා ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට එතුමා නියමකළසේක. කුමටද? එතුමා තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, එතුමාගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.
26. එනම් එතුමා ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුතුමා කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්ගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.
රෝම 9: 20, 21
20 නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්ට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද?
21. එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද?
1 යොහන් 1: 9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් එතුමා විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.
එළිදරව්ව 16: 4 – 7
4 තුන්වෙනියා තමාගේ පාත්‍රය ගංගාවලද දිය උල්පත්වලද වැගිරෙවුවේය;
5. එවිට ඒවා ලේ වුණේය. ජලය කෙරෙහි බලය ඇති දේවදූතයා කථාකොට: සිටින්නාවූ, සිටියාවූ, ශුද්ධවූ තැනත්තානන්, ඔබ මෙසේ විනිශ්චයකළ බැවින් ඔබ ධර්මිෂ්ඨය.
6. ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය.
7. එසේය, සර්වපරාක්‍රමවූ යාවේවූ දෙවියන්, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.
දෙවියන් අප සමඟ සාධාරණ හා යුක්තිසහගත හැසිරෙන බව අප තේරුම්
ගන්නේ නම් , අපට පැමිණෙන වාතාවරනයෙන් පහසුවෙන් ජය ගත හැකිය.
ඒ හා සමානව, මේ ලෝක ජීවිතයේ බොහෝ අය වැරදි අයුක්තියන් කර බේරී සිටින බව සිතිය හැක. නමුත් දෙවියන්ගේ ධර්මිෂඨ උදහස එළිදරව් වු විට සෑම කෙනෙක්ම ගනන් දී ඔවුන්ට නිසි දඬුවම් ලැබෙන බව සහතිකයි.
13. දෙවියන් යහපත්ය. - God is Good
දෙවියන් එතුමාගේ සියලු මැවිලිවලට යහපත්ව සිටින සේක. සියලු දෙනාටම දයාව සහ කරුණාව පෙන්වනසේක.
මිනිසුන් එතුමාව විශ්වාස කළත් , නැතත් වෙනස්කම් කිරීමකින් තොරව පොදුවු ප්‍රේමය , ආශිර්වාදයද දෙන සේක. වර්ෂාව , හිරු එළිය , බෝග සහ අපගේ දෛනික අවශ්‍යතාවයන් ලබා දීමෙන් එතුමාගේ පොදුවු යහපත්කමද එළිදරව් කර ඇත.
දෙවියන් සෑමවිටම අන් සියල්ලටම වඩා යහපත් විය හැකි බැවින්, එතුමා කිසිම දෙයකට අඩු විය නොහැක.
දෙවියන් තුළ නපුරක් හෝ පාපයක් නොමැති බැවින් , එතුමාගේ කෝපය , විනිශ්චය සහ දඬුවම පවා එතුමාගේ ඇස් හමුවේ යහපත්ය.
ගීතාවලිය 33: 5
එතුමා ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක.
පොළොව යාවේගේ කරුණා ගුණයෙන් පූර්ණය.
ගීතාවලිය 103: 1 – 5
1 මාගේ ආත්මය, යාවේට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල ඒතුමාගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.
2 මාගේ ආත්මය, යාවේට ප්‍රශංසා කරව, එතුමාගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.
3 එතුමා නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක;
4 නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.
5 රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස එතුමා ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.
ගීතාවලිය 145: 9
යාවේ සියල්ලන්ට යහපත්ය;
එතුමාගේ දයාබරකම් එතුමාගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
ගීතාවලිය 145: 15, 17
15 සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ;
ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක.
16 ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.
17 යාවේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.
නෙහෙමියා 1: 7
අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියාකෙළෙමුව, ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂානොකෙළෙමුව.
මතෙව් 5: 45
මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද එතුමා නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.
යාකොබ් 1: 17
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන් කෙරෙන් ඉහළින් බැස එන්නේය.
රෝම 2: 4
නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්ගේ යහපත්කම පවතින බව නොදැන, එතුමාගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,
අපගේ පාප, කීකරුකම , සහ දුර්වලතා අප අවබෝධ කරගත් විට අප නුසුදුසු වු විට පවා දෙවියන් අපට පෙන්වා ඇති ප්‍රෙමය සහ ආශිර්වාද ගැන මෙනෙහි කර ස්තුති වන්තව කෘතඥ වීම ඉතා වැදගත් වේ.
එම නිසා දෙවියන්ගේ දරුවන්ට පැමිණෙන සෑම වාතාවරණයක්ම අවසානයේ යහපත සඳහා වන බව සහතිකය.
රෝම 8: 28
තවද දෙවියන්ට ප්‍රේමකරන්නන්ට, එනම් එතුමාගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
දෙවියන් ගැන එතුමා එළිදරව් කල එතුමාගේ චරිතයන් ගැන අපි දැනගැනිම බොහෝම ස්වල්පයයි. නමුත් දෙවියන්ගේ රාජ්‍යය පොළවේ ස්ථාපිත කරායින් පසු දෙවියන්ගේ සීමාවක් නොමැති මහිමය එතුමාගේ චරිතයන් ගැන අප සියලු දවස්වල පැහැදිලිව සතුටින් ඉගැන ගැනිමට පුළුවන්ය එය එතුමා අපට උගන්වයි මෙය අප සෙලවීමට නොහැකි විශ්වාසයයි.